BBC News, සිංහල - මුල් පිටුව

ප්‍රධාන පුවත

  • ශ්‍රී ලංකාවේ මේ දිනවල යළිත් සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ සංවේදී තත්ත්වයක් ඉස්මතු වෙමින් පවතී. ඒ, කොවිඩ්-19 මරණ කිහිපයක් සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයක් වාර්තා වීමත් සමග ය.

    කොවිඩ්-19 සහ ඉන්ෆ්ලුවෙන්සා යළිත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යයට අභියෝගයක් වෙමින් තිබේ ද?

    වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අංශය පවසන්නේ, ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල වර්ෂා කාලවලදී ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැඩි විය හැකි අතර, වැඩි රෝගීන් සංඛ්‍යාවක් ඇති විට ප්‍රධාන උච්ච අවස්ථා දෙකක් ඇති බව ය.එම උච්ච අවස්ථා දෙක වන්නේ, මැයි මස සිට ජූලි මස දක්වා සහ නොවැම්බර් මස සිට ජනවාරි මස දක්වා ය.ඉන්ෆ්ලුවෙන්සා රෝගය යනු එක ම ආකාරයකට සමාජයේ පැතිර නොයන විවිධාකාර මුහුණුවර කිහිපයක් සහිත රෝගයක් බව වෛද්‍යවරු පවසති.

  • ඊශ්‍රායලය  විසින් මිසයිලයක් ඉරානයට වෙත එල්ල කොට  ඇති බව එක්සත් ජනපද නිලධාරීන් BBC හි හවුල්කාර සේවාවක් වන CBS ප්‍රවෘත්ති වෙත පවසා තිබේ.

    ඊශ්‍රායල මිසයිලයක් ඉරානයට පහර දුන් බව එක්සත් ජනපද බලධාරීහු පවසති

    ඊශ්‍රායලය විසින් මිසයිලයක් ඉරානයට වෙත එල්ල කොට ඇති බව එක්සත් ජනපද නිලධාරීන් BBC හි හවුල්කාර සේවාවක් වන CBS ප්‍රවෘත්ති වෙත පවසා තිබේ. ඉරාන මාධ්‍ය පවසන්නේ ඉස්ෆහාන් හි මධ්‍යම පළාතෙන් පිපිරුම් හඬවල් ඇසුණු බවත්; නගර කිහිපයක ගුවන් ගමන් සේවා අත්හිටුවා ඇති බවත් ය. පසුගිය සෙනසුරාදා (අප්‍රේල් 13) රාත්‍රියේ ඉරානය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායලය ප්‍රකාශ කිරීමෙන් පසු ඉරානය දැඩි අවධානයකින් පසුවිය.

  • "මම ඔබට කලින් කිව්ව වගේ මම වැඩිපුර කැමති කියවන්න. කියවීම නිසා තමයි මම ලේඛකයෙක් වුණේ. මම ඇත්තටම නවකතාකරුවෙක් වෙන්නේ මගෙ වයස අවුරුදු හැට වුණාට පස්සෙ. ඊට පෙර ඓතිහාසික ලිපි ලියල තිබුණත් නවකතා ලියල තිබුණේ නැහැ"

    'මම ලියන හැටි' : පී. බී. ජයසේකර

    'මරියා සිලොනිකා වස්තුව' නවකතාව 2013 වසරේ දී ප්‍රකාශයට පත් කරමින් සිංහල නවකතාකරණයට ප්‍රවේශ වන පී. බී. ජයසේකර 'අවලමා සහ ඇහැටුව', 'ඉක්බිතිව ඔහු මරාපීහ', 'බලව, කඳුළු ගිනි', 'මා ප්‍රති. මා', සහ 'උසාවි ගිය නෙරූඩා නොහොත් කාමඝෝර කවියා' යනා දී නවකතා ඔස්සේ සුවිශේෂී පාඨක විචාරක අවදානයකට පාත්‍ර වී ඇත.

  • අම්පාර දිස්ත්‍රික්කයේ මූලය හඳුනා නොගත් වකුගඩු රෝගීන් වැඩිපුරම වාර්තා වී තිබෙන්නේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙනි.

    වීඩියෝ, මූලය හඳුනා නොගත් වකුගඩු රෝගී තත්වයෙන් පීඩා විදින මහවැලි C කලාපයේ වැසියෝධාවන කාලය, 3,05

    ආරම්භ අවධියේ දී රෝග ලක්ෂණ නොපෙන්වා, අවසාන අදියරේ දී රෝග ලක්ෂණ මතුවීම නිසා මූලය හඳුනා නොගත් වකුගඩු රෝගයේ භයානක බව තේරුම් ගෙන එය කල්තියා හඳුනා ගැනීමට පැවැත්වෙන සයන වෙත ජනතාව පැමිණීම වැදගත් බව දෙහිඅත්තකණ්ඩිය, වකුගඩු රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය සිතුමිණි හේරත් පවසන්නීය.

  • An Indian student's finger pointed in the air, with the word "vote" on the hand, to promote voting in the election

    ඉන්දීය මහ මැතිවරණය: අදින් ඇරඹෙන ලොව විශාලතම මැතිවරණය ගැන ඔබ දැන ගත යුතු ම කරුණු

    සුදුසුකම් ලත් මිලියන 969ක ඡන්ද දායකයින් සුදුසුකම් ලබන 2024 ඉන්දියානු මහ මැතිවරණය මෙතෙක් දැක ඇති විශාලතම මැතිවරණය වනු ඇත.අද (අප්‍රේල් 19) සිට ජූනි 1 අතර සති හයක් පුරා පැවැත්වීමට නියමිත ඉන්දියාවේ 2024 මහ මැතිවරණය ලොව මෙතෙක් දැකගත හැකිවනු ඇති විශාලතම මැතිවරණය වනු ඇත.

ශ්‍රී ලංකාව

ලෝකය

ක්‍රීඩා

වීඩියෝ

විශේෂාංග

  • 2014 වසරේ ස්වාධීන රූපවාහිනී සේවයේ 'සූර්ය මංගල්‍යය' වැඩසටහන වෙනුවෙන් නිරමාණය කරන ලද එම ගීතයට, ගීත් තරංග නමැත්තෙකු පද රචනයෙන් ද, සහන් රන්වල ගී තනු නිර්මාණයෙන් ද, රෝහණ බැද්දගේ සහ රන්වල බළකාය ගායනයෙන් ද දායක වී තිබේ.

    අවුරුදු ගීතයක් විකෘති කිරීම: 'මෙවැනි දේවල් නැවත සිදු නොවෙන්න පියවර ගත යුතුයි' - රෝහණ බැද්දගේ

    රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ගායනා කළ ‘සූරිය මංගල්ලේ’ ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියාගේ රාජකාරි තාවකාලිකව තහනම් කිරීමට පියවර ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) නීතිඥ චන්න වීරක්කොඩි පැවසීය. ඔහු සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව ය.

  • "ළමයින්ගේ ඡායාරූප පළ කරනවා නම් අවසර ගන්න පාර්ශව දෙකයි නේ තියෙන්නේ. එක් පාර්ශවයක් තමයි දෙමව්පියන්‍. අනෙක් පාර්ශවය ඒ දරුවන්. දරුවන් ගැන තීරණ ගන්න දෙමාපියන්ට පුළුවන් වුණාට දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරන්න දෙමාපියන්ට අයිතියක් නෑ.

    දෙමාපියන්ට, ගුරුවරුන්ට දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කළ හැකි ද?

    'ළමයා යන්නෙන් වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු අදහස් වන' බව 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතෙහි නිර්වචනය කර තිබේ. ළමුන්ගේ ඡායාරූප ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල පළ කිරීම හරහා විවිධ ළමා අපයෝජන සිදු විය හැකි බව විශේෂඥ මතයයි.

  • අලුත් අවුරුද්ද සඳහා දින සහ නැකැත් පිළියෙළ කරනුයේ, ඉන්දියාවේ ශක රාජ වර්ෂ ක්‍රමය අනුව ය.

    සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හා මුසු වී ඇති බාහිර සංස්කෘතික අංග ගැන විමසා බැලීමක්

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් සිංහල සහ දෙමළ ජනතාව එක්ව සමරන අලුත් අවුරුද්ද යනු සංස්කෘතියකි.මෙම ලිපිය මගින් උත්සහ කරනුයේ, අලුත් අවුරුද්ද සමග මිශ්‍ර වී ඇති බාහිර සංස්කෘතික අංගයන් පිළිබඳව පැහැදිලි කිරීමට ය.

  • දැනට අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති එම තරුණයා පවසන්නේ පොලිසියෙන් සිදුකළ පහරදීමෙන් සිය වෘෂණ කෝෂයකට සිදුවූ හානිය හේතුවෙන් එය ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළ බවයි.

    මැදවච්චියේ තරුණයෙකුට වෘෂණ කෝෂයකට සිදුවූ හානිය හේතුවෙන් එය ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට සිදු ව ඇත්තේ පොලිස් පහරදීමෙන් ද?

    අනුරාධපුරය, මැදවච්චිය ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා වාහනයක් ධාවනය කළ බව කියන සිදුවීමකට පොලිසිය විසින් සිදුකළ බව කියන පහර දීමකින් තුවාල ලැබූ තරුණයෙකු මේ වන විට රෝහල් ගත කර සිටියි. ඉකුත් අප්‍රේල් මස 07 වෙනිදා රාත්‍රියේදී සිදු වූ බව කියන එම සිදුවීමට මුහුණ පා ඇත්තේ මැදවච්චිය, තුලාවේලිය ගම්මානයේ පදිංචිකරුවෙකු වන 23 හැවිරිදි තරුණයෙකු යි. දැනට අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති එම තරුණයා පවසන්නේ පොලිසියෙන් සිදුකළ පහරදීමෙන් සිය වෘෂණ කෝෂයකට සිදුවූ හානිය හේතුවෙන් එය ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළ බවයි.

  • අවුරුදු සමයේදී මල් පිපෙන Erythrina variegata යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන එරබදු විශේෂයේ මලකි.

    කෘමියෙකු නිසා ශ්‍රී ලංකාවට අහිමි වූ 'අපේ එරබදු'

    ''අපි සාමාන්‍ය එරබදු කියලා හඳුන්වන Erythrina variegata දැන් ගොඩක් දකින්න අඩුයි. ඒ නිසා අපි 2020 රතු දත්ත පොත සකස් කිරීමේ දී Venerable species කියන (වඳවීමේ ක්‍රියාවලියට පත්වීමට ආසන්න) කාණ්ඩයට තමයි දාලා තියෙන්නේ. අපි පොඩි කාලේ මේවා වැටවල් වලට වවලා තිබුණේ. ඒ නැතත් වතුර කිට්ටුව, වෙල් අයිනේ තිබුණා ගම්වල. එකක් සජීවී වැටවල් හදන සංකල්පය දැන් අඩුවෙලා. මේවා දුර්ලභ වෙන්න වැඩිපුරම හේතුව විදියට මම හිතන්නේ Erythrina Gall Wasp කියන කෘමියගෙන් වෙන හානිය වෙන්නැති කියලා.'' යනුවෙන් උද්භිද විද්‍යාඥ, මහාචාර්ය සිරිල් විජේසුන්දර BBC සිංහල සේවයට ප්‍රකාශ කළේය.

වැඩිපුරම කියැවූ