BBC News, සිංහල - මුල් පිටුව

ප්‍රධාන පුවත

  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කලක් තිස්සේ වර්ධනය වෙමින් පවතින අර්බුදකාරී තත්ත්වය තවත් උග්‍ර අතට පත් කරමින් පසුගිය දා, එහි වැඩබලන සභාපති ධූරයට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කෙරිණි.

    ශ්‍රී ලනිපයට සභාපතිවරුන් දෙදෙනෙක්: 'මෛත්‍රී පක්ෂය විජයදාසට වික්කා' ද?

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසන්නේ, නඩු විශාල සංඛ්‍යාවකට මුහුණ දී සිටින මෛත්‍රීපාල සිරිසේන, එම "නඩුවලින් බේරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට පක්ෂය විකුණා දැමුවා දැයි ඇති වූ සැකය මේ වන විට තහවුරු වී ඇති," බව ය. පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව විජයදාස රාජපක්ෂ පක්ෂයේ වැඩබලන සභාපති ධූරයට පත් කිරීම සිය පාර්ශවය පිළිනොගන්නා බවත්, එය නීතිවිරෝධී බවත් දුමින්ද දිසානායක පවසයි.

  • ඉරාන ජනපතිගේ සහභාගිත්වයෙන් විවෘත වූ උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය

    වීඩියෝ, ඉරාන ජනපති අතින් අද විවෘත වූ උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ගැන ආණ්ඩුව සහ ජනතාව කියන්නේ කුමක්ද?ධාවන කාලය, 7,58

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසිගේ සහභාගිත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය අද (අප්‍රේල් 24) විවෘත කෙරිණි. එමගින් මෙගාවොට් 120ක විදුලිය නිෂ්පාදනය කෙරෙන අතර වගාවන් සහ පානීය අවස්යතාවයන් සඳහා ජලය ලබා දෙනු ලැබේ . මෙම ව්‍යාපෘතිය නිසා ඉඩම් හා දේපල අහිමිවූවන්ට වන්දි සහ විකල්ප ඉඩම් ලබා දීමට රජය පියවර ගෙන තිබුණ ද අදටත් නොවිසඳුණු ගැටලු රැසක් ඇත.

  • ඊබ්‍රහිම් රයිසි: මැද පෙරදිග යුද උණුසුම මැද ඉරාන ජනපති ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයි ?

    ඊබ්‍රහිම් රයිසි: මැද පෙරදිග යුද උණුසුම මැද ඉරාන ජනපති ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයි ?

    මැදපෙරදිග පවතින යුද උණුසුම මැද එහි ප්‍රබල පාර්ශවකරුවෙකු වන ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි අද (අප්‍රේල් මස 24 වෙනිදා) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණියේය. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයකට අනුව ය.

  • විදේශ රැකියාවක් ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පිණි  දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග නරනු ලැබීය.

    දමිතා අබේරත්න : ආගමන හා විගමන පනත යටතේ චෝදනා පවත්වාගෙන යා නොහැකි බව අධිකරණය තීරණය කරයි

    විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජනප්‍රිය නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 24 වැනිදා) නියෝග කළේය.

  • මෑත කාලයේ දී පොලිසිය විසින් සිදු කළ ආන්දෝලනාත්මක වෙඩි තැබීම් කිහිපයක් ම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විවේචනයක් එල්ල විය.

    අණ නොතකා වාහනය පදවන්නන්ට උරුම වෙඩි කා මිය යාම ද?

    රථවාහන පොලිස් අණ නොතකා ධාවනය කිරීමේ දී ඔවුන් නවත්වාගැනීමට අවශ්‍ය බලය යෙදවීමට පොලිසියට වෙඩි තැබීමට ඇති බලය සහ ජාත්‍යන්තර වශයෙන් ඒ සඳහා යම් සම්මතයක් තිබේ ද යන්න පිළිබඳව බීබීසී සිංහල විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය නීතීඥ කුසල් කාවින්ද අමරසිංහගෙන් විමසීමක් සිදු කරන ලදි.

ශ්‍රී ලංකාව

ලෝකය

ක්‍රීඩා

වීඩියෝ

විශේෂාංග

  • "මම ඔබට කලින් කිව්ව වගේ මම වැඩිපුර කැමති කියවන්න. කියවීම නිසා තමයි මම ලේඛකයෙක් වුණේ. මම ඇත්තටම නවකතාකරුවෙක් වෙන්නේ මගෙ වයස අවුරුදු හැට වුණාට පස්සෙ. ඊට පෙර ඓතිහාසික ලිපි ලියල තිබුණත් නවකතා ලියල තිබුණේ නැහැ"

    'මම ලියන හැටි' : පී. බී. ජයසේකර

    'මරියා සිලොනිකා වස්තුව' නවකතාව 2013 වසරේ දී ප්‍රකාශයට පත් කරමින් සිංහල නවකතාකරණයට ප්‍රවේශ වන පී. බී. ජයසේකර 'අවලමා සහ ඇහැටුව', 'ඉක්බිතිව ඔහු මරාපීහ', 'බලව, කඳුළු ගිනි', 'මා ප්‍රති. මා', සහ 'උසාවි ගිය නෙරූඩා නොහොත් කාමඝෝර කවියා' යනා දී නවකතා ඔස්සේ සුවිශේෂී පාඨක විචාරක අවදානයකට පාත්‍ර වී ඇත.

  • 2014 වසරේ ස්වාධීන රූපවාහිනී සේවයේ 'සූර්ය මංගල්‍යය' වැඩසටහන වෙනුවෙන් නිරමාණය කරන ලද එම ගීතයට, ගීත් තරංග නමැත්තෙකු පද රචනයෙන් ද, සහන් රන්වල ගී තනු නිර්මාණයෙන් ද, රෝහණ බැද්දගේ සහ රන්වල බළකාය ගායනයෙන් ද දායක වී තිබේ.

    අවුරුදු ගීතයක් විකෘති කිරීම: 'මෙවැනි දේවල් නැවත සිදු නොවෙන්න පියවර ගත යුතුයි' - රෝහණ බැද්දගේ

    රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ගායනා කළ ‘සූරිය මංගල්ලේ’ ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියාගේ රාජකාරි තාවකාලිකව තහනම් කිරීමට පියවර ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) නීතිඥ චන්න වීරක්කොඩි පැවසීය. ඔහු සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව ය.

  • "ළමයින්ගේ ඡායාරූප පළ කරනවා නම් අවසර ගන්න පාර්ශව දෙකයි නේ තියෙන්නේ. එක් පාර්ශවයක් තමයි දෙමව්පියන්‍. අනෙක් පාර්ශවය ඒ දරුවන්. දරුවන් ගැන තීරණ ගන්න දෙමාපියන්ට පුළුවන් වුණාට දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරන්න දෙමාපියන්ට අයිතියක් නෑ.

    දෙමාපියන්ට, ගුරුවරුන්ට දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කළ හැකි ද?

    'ළමයා යන්නෙන් වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු අදහස් වන' බව 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතෙහි නිර්වචනය කර තිබේ. ළමුන්ගේ ඡායාරූප ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල පළ කිරීම හරහා විවිධ ළමා අපයෝජන සිදු විය හැකි බව විශේෂඥ මතයයි.

  • අලුත් අවුරුද්ද සඳහා දින සහ නැකැත් පිළියෙළ කරනුයේ, ඉන්දියාවේ ශක රාජ වර්ෂ ක්‍රමය අනුව ය.

    සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හා මුසු වී ඇති බාහිර සංස්කෘතික අංග ගැන විමසා බැලීමක්

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් සිංහල සහ දෙමළ ජනතාව එක්ව සමරන අලුත් අවුරුද්ද යනු සංස්කෘතියකි.මෙම ලිපිය මගින් උත්සහ කරනුයේ, අලුත් අවුරුද්ද සමග මිශ්‍ර වී ඇති බාහිර සංස්කෘතික අංගයන් පිළිබඳව පැහැදිලි කිරීමට ය.

  • දැනට අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති එම තරුණයා පවසන්නේ පොලිසියෙන් සිදුකළ පහරදීමෙන් සිය වෘෂණ කෝෂයකට සිදුවූ හානිය හේතුවෙන් එය ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළ බවයි.

    මැදවච්චියේ තරුණයෙකුට වෘෂණ කෝෂයකට සිදුවූ හානිය හේතුවෙන් එය ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට සිදු ව ඇත්තේ පොලිස් පහරදීමෙන් ද?

    අනුරාධපුරය, මැදවච්චිය ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා වාහනයක් ධාවනය කළ බව කියන සිදුවීමකට පොලිසිය විසින් සිදුකළ බව කියන පහර දීමකින් තුවාල ලැබූ තරුණයෙකු මේ වන විට රෝහල් ගත කර සිටියි. ඉකුත් අප්‍රේල් මස 07 වෙනිදා රාත්‍රියේදී සිදු වූ බව කියන එම සිදුවීමට මුහුණ පා ඇත්තේ මැදවච්චිය, තුලාවේලිය ගම්මානයේ පදිංචිකරුවෙකු වන 23 හැවිරිදි තරුණයෙකු යි. දැනට අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති එම තරුණයා පවසන්නේ පොලිසියෙන් සිදුකළ පහරදීමෙන් සිය වෘෂණ කෝෂයකට සිදුවූ හානිය හේතුවෙන් එය ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළ බවයි.

වැඩිපුරම කියැවූ